Sunday, March 18, 2018

කූඹියෝ ඉෆෙක්ට් එකෙන් පසුව



කූඹියෝ අවසාන වීමත් සමඟ ඒ ගැන වර්ණනා වගේම ඒ ගැන විවේචනත් ගොඩක් දකින්න ලැබෙනවා. හැබැයි වැඩේ කියන්නේ කූඹීයොන්ට පට්ටපල් බණින අය පවා කූඹියෝ පැල් බැඳගෙන බලපු අයයි.
විවේචන පැත්තකින් තිබ්බොත් අවසාන කොටස බැලුවාම හිතපු තරම් හිත පිරුණු ගතියක් දැනුණු නැති බව හැමෝටම පිළිගන්න වෙනවා. අවසාන එපිසෝඩ් එකක් කියන්නේ ක්ලයිමැක්ස් එකක්. ඒත් අපි අවසාන එපිසෝඩ් එකකට සැදී පැහැදී බලාගෙන හිටියේ ක්ලයිමැක්ස් එකෙන් බාගයක් ඉවරවෙලා, වෙන දේ අපි දැනගත්තාට පස්සෙ. ඉතින් හිත පිරෙන්නේ නැති එක සාමාන්‍ය දෙයක්. කොහොමවුණත් මේ සටහන ලියන්නේ කූඹියෝ ගැන කතාකරන්න නෙවෙයි. කූඹියෝ ඉෆෙක්ට් එක ගැන කතාකරන්නයි.