බල්ලොත් එක්ක බෑ කියන්නේ මෑත කාලයේ වැඩියෙන්ම බැණුම් අහපු වැඩියෙන්ම බලපු නාට්‍යය....
ඒක සාර්ථක වෙන්න අන් සියල්ලට වඩා ප්‍රධාන හේතුව වුණේ අතිවිශිෂ්ඨ නළුවන් දෙන්නෙක්. ගිහාන් ප්‍රනාන්දු සහ විජය නන්දසිරි...
එතුමා, නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස් වගේ නිර්මාණ හරහා ටෙලිනාට්‍ය වල වෙනම මාක් එකක් ඔහු තිබ්බා.
අනෙක් අතට සිකුරු හතේ කියන්නෙත් ඒ වගේ චිත්‍රපටියක්.... ඒකෙන් විජය නන්දසිරිගෙන් චිත්‍රපටියක් ගොඩදාන්න පුළුවන් කියලා ඔප්පු වුණා.... හරහට වැටිලා කෙළින් නැඟිටින බන්දුලාගේ දැනියෙල් මිගෙල් ජෝක් රහවිඳලම අපුල වෙලා හිටපු අය විජයගෙ ජෝක් බලන්න ගියා.... නිං හන්තර්, කෝ මාක් නෝ මාක්, සුහද කෙකා, මගෝඩිගෝඩයි වගේ විජය නන්දසිරි තමන්ගේ සිනමා රැල්ලක් හදාගත්තා...
ඒත් අන්තිමට ඔහු කරලා තියෙන්නේ මොකක්ද? බඩ මහත පන්තියක් පීඩිත මිනිසුන්ව අමතක කරපු ලෝකයක විහිළු භාණ්ඩයක් බවට පත්වෙලා ඔහු හිටියා... ඔහු සටන් කළේ නැහැ.... භීෂණකාරී යුගයක ඔහු නිහඬවම හිටියා....
අතිවිශිෂ්ඨ අසමසම රංගන ශිල්පියා විජය නන්දසිරි පරමාදර්ශයක් නෙවෙයි...
Monday, August 08, 2016
Monday, August 01, 2016
බණ්ඩාරවෙල අප්පුහාමි ලොකු තාත්තා සහ පිලිප් ශාන්තගේ පොත
KG පිලිප් ශාන්ත පොතක් ලියනව අප්පුහාමිගේ ඉඹලා පිළිගැනීම කියල. ඒ පොත් තාම කියවන්න ලැබුණෙ නැතත් අප්පුහාමි හෙවත් ආර් එම් අප්පුහාමි ආර් එම් තරිඳු අමිල උඩුවරගෙදරවත් ආර් එම් කරුණාරත්න උඩුවරගෙදර හෙවත් අපේ තාත්තවත් බිහිකරන්න හේතුවුණ ප්‍රධාන චරිතයක්.
අප්පුහාමි කියන්නෙ අපේ සීයගෙ මල්ලිගෙ පුතා. ලොකු තාත්තා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. ශ්‍රී ලංකා නිදහස් පක්ශෙ.
අප්පුහාමි කියන්නෙ අපේ සීයගෙ මල්ලිගෙ පුතා. ලොකු තාත්තා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. ශ්‍රී ලංකා නිදහස් පක්ශෙ.
Subscribe to:
Posts (Atom)